fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය මර්දන වැඩපිලිවෙල මහා සංඝරත්නයේ ඇගයීමට

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 11:46

මත්ද්‍රව්‍ය මර්දන වැඩපිලිවෙල මහා සංඝරත්නයේ ඇගයීමට

මත්ද්‍රව්‍ය මර්දනයට ක්‍රියාත්මක කරන වැඩපිලිවෙල මහා සංඝරත්නයේ ඇගයීමට ලක්වුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම ස්වාමීන් වහන්සේ පොලිස්පතිවරයා හමුවේ මේ බව සදහන් කළා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම ස්වාමීන් වහන්සේ,

පොලිස් දෙපාර්තමේන්තුව මගින් සෑම වසරකම දානමය පින්කමක් සිදුකරනවා. හෙට දින දළදා සමිදුන් වෙත පිදෙන මෙම දානමය පින්කම සදහා මහා සංඝයා වහන්සේට ආරාධනා කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මහනුවරට පැමිණියා. එහිදි පොලිස්පතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. පළමුව මල්වතු විහාරයට ගිය පොලිස්පතිවරයා එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැ දුටුවා. අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. පොලිස්පතිවරයා අස්ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ එම අවස්ථාවේදීයි.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්