fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොයිං 737 ගුවන් යානාවල මෘදුකාංග පරීක්ෂාවට

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 09:46

බොයිං 737 ගුවන් යානාවල මෘදුකාංග පරීක්ෂාවට

බොයිං 737 අට සහ නවය කාණ්ඩයේ ගුවන් යානාවල මෘදුකාංග පරීක්ෂාවට ලක්කරන බව ඇමරිකා එක්සත් ගුවන් සේවා පරිපාලනය ප‍්‍රකාශ කළා. එම කටයුතු අවසන් වන තෙක් ගුවන් යානා භාවිතය නතර කිරීමටයි තීරණය කර තිබෙන්නේ. ඒ ලබන මැයි මාසය දක්වායි.

ඉතියෝපියා ගුවන් අනතුරෙන් පසු රටවල් විශාල සංඛ්‍යාවක් බොයිං 737 ගුවන් යානා තාවකාලිකව නතර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරට පත් ගුවන් යානයේ කළු පෙට්ටිය පිළිබඳ විමර්ශන ද ආරම්භ කර තිබෙනවා. ඒ අනතුරට හේතුව නිශ්චිතව හදුනා ගැනීමටයි. ගුවන් යානා දත්ත සහ හඬ පටිගත කිරීමේ යන්ත‍්‍රවල තොරතුරු ද පරික්ෂා කරන බවයි සිවිල් ගුවන් සේවා ආරක්ෂාව පිළිබද විශ්ලේෂණ කාර්යංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්