මොරටුමුල්ල ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කි්රයාත්මක බව පොලීසිය ප්රකාශ කළා. ඝාතනය සිදුකළ පුද්ගලයන් මේ වනවිට හදුනාගෙන තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පතොරොම් තුවක්කුවක් උපයෝගී කරගනිමින් වෙඩිතබා ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශන වලින් හෙලිවුණේ. ඝාතනය සඳහා තවත් සැකකරුවන් කිහිපදෙනෙකු තී්රරෝද රථයකින් හා මෝටර් රථයකින් ද පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළා. ඝාතනයට හේතුව බස් මාර්ග බලපත්රයක් මත ඇතිවූ ආරවුලක්. මියගිය පුද්ගලයන් ඊට අදාල නඩුවක් සඳහා ගොස් යළි පැමිණෙමින් සිටියදී මොරටුමුල්ල පිලියන්ද කොස්පැලෑන ප්රදේශයේදී වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඉන් මියගියේ සොයිසා පාර ප්රදේශයේ පදිංචි 47 හැවිරිදි ආමි මංජු නමින් ප්රකටව සිටි පුද්ගලයෙක්. ඔහුගේ පුත්රයා වෙඩිවැදීමෙන් තුවාල ලබා තිබෙනවා. මියගිය අනෙක් පුද්ගලයා 20 හැවිරිදි තරුණයෙකු බවයි පොලීසිය පැවසුවේ.