රැකියාවට මඟ කියන නයිටා ජාතික වැඩසටහන හෙට සිට ආරම්භ වනවා.
මඩකලපුව එරාවුර් හි අලිගාර් ජාතික විද්‍යාලයේදී ප්‍රධාන උත්සවය පැවැත්වෙන බවයි වෘත්තීය පුහුණු අධිකාරිය පවසන්නේ.
දෙස් විදෙස් රැකියා වෙළෙද පොළේ ප්රමුඛ ඉල්ලුමක් ඇති රැකියා අවස්ථා හදුනාගනිමින් ඊට අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීම ප්‍රධාන අරමුණයි.
පළමු අදියරයේදී හෝටල් හා සංචාරක, සෞඛ්‍ය සේවා ඇඟළුම්, ඉදිකිරීම්, තොරතුරු සන්නිවේදනය හා මෝටර් රථ යන ක්ෂේත්‍ර වලට අදාළව මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට සැලැස්ම් කර තිබෙනවා.