fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර සිට බෙලිඅත්තට දුම්රිය ධාවනය ලබන 8 වෙනිදා සිට

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 09:08

මාතර සිට බෙලිඅත්තට දුම්රිය ධාවනය ලබන 8 වෙනිදා සිට

මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය ලබන මස 8 වෙනිදා ජනතා අයිතියට පත්කරන බව රජය ප‍්‍රකාශ කළා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන එහි දුර කිලෝමීටර 26 ක්. මෙම මාර්ගයට කැකනදුර, බඹරැන්ද, වැව්රුකන්නල සහ බෙලිඅත්ත යනුවෙන් ප‍්‍රධාන දුම්රිය ස්ථාන 4 ක් ඇතුලත්.

පිලදූව හා වෙහෙරහේන උප දුම්රිය ස්ථාන දෙකකින් ද එය සමන්විත බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පවසන්නේ. මෙරට දිගම උමඟ ද මෙම දුම්රිය මාර්ගයේ පිහිටා තිබෙනවා. නාකුට්ටිගම සහ කැකනදුර දක්වා පිහිටි එම උමඟේ දිග මීටර 615 ක්. චීන එක්සින් බැංකුවේ මූල්‍ය ප‍්‍රදානයෙන් බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරිමට ඇමරිකා ඩොලර් මිලියන 278 කට අධික මුදලක් වැය කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්