fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැවුමාට සහය දුන් කාන්තාවක් වැටලීමට පොලිසිය ජනතා සහය පතයි

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:18

කැවුමාට සහය දුන් කාන්තාවක් වැටලීමට පොලිසිය ජනතා සහය පතයි

කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය මහජන සහය පතනවා.

මහඋඩුවගේ දොන් ඉරෝෂා නිල්මිනි පෙරේරා හෙවත් තුෂාරි නැමති එම කාන්තාව මොරටුව කටුබැද්ද ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්. 47 හැවිරිදි සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවයි පරීක්ෂණ වලදි හෙලිවුණේ.

ඇය සම්බන්ධ තොරතුරක් 071-8591589 දුරකථන අංකයෙන් කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලබාදිය හැකියි. මාකදුරේ මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා පසුගියදා අත්අඩංගුවට ගැනිමට පෑලියගොඩ අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකය සමත් වුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්