fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඩොලර් මිලියන පහක ආයෝජනයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:39

වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඩොලර් මිලියන පහක ආයෝජනයක්

වැවිලි ක්ෂේත‍්‍රයේ සංවර්ධනයට පසුගිය වසර තුළ ඇමරිකා ඩොලර් මිලියන පහක මුදලක් ආයෝජනය කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප‍්‍රකාශ කළා.

තේ , රබර් , පොල් ඇතුළු ප‍්‍රධාන වැවිලි භෝග ක්ෂේත‍්‍ර සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා. කෘෂිකර්ම සංවර්ධනය සදහා වන ජාත්‍යන්තර අරමුදල අවශ්‍ය ප‍්‍රතිපාදන සපයන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ.

ඉදිරියේදි එම ක්ෂේත‍්‍ර සංවර්ධනය සදහා සිදුකළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන් කෘෂිකර්ම සංවර්ධනය සදහා වන ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් සහ අමාත්‍ය නවීන් දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්