අයහපත් කාලගුණයෙන් හානියට පත් පාසල් ගොඩනැගිලි කඩිනමින් ප්‍රතිසංස්කරණය කර එම පාසල්වල කටයුතු යථා තත්ත්වයට පත් කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
ජලගැලීම්වලින් හානියට පත් පාසල්වලට තාක්ෂණික උපකරණ ප්රදානය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. පාසල් 142ක් සදහා ලැප්ටොප් පරිගණක/ ෆොටෝ කොපි යන්ත්‍ර/ ස්කෑනර් යන්ත්‍ර/ මුද්‍රණ යන්ත්‍ර සහ මල්ටි මීඩියා යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් මෙහිදී ප්රදානය කිරීමටයි කටයුතු කෙරුනේ. ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ මේ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 101 ක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/ejtyM01uBOA”]