fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශෂී වීරවංශට එරෙහි නඩුව ලබන මස 4 වනදා විභාගයට ගැනීමට නියෝග

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:04

ශෂී වීරවංශට එරෙහි නඩුව ලබන මස 4 වනදා විභාගයට ගැනීමට නියෝග

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ බිරිදවන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව ලබන මස 4 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ලබාදී අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හා සමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි අදාළ නඩුව ගොනු කර ඇත්තේ.

නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ අද (14) කැදවනු ලැබුවා. පැමිණිලි පාර්ශ්වයේ රජයේ නීතීඥවරයා පැමිණ නොසිටීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමටයි තීරණය කෙරුණේ.

නඩුවේ සාක්ෂිකරුවෙකු වන ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහුට මීළග දින අධිකරණයේ පෙනී සිටීමට අවවාද කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්