fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම් 2020 වනවිට අවසන් කිරීමට සැළසුම්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 16:01

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම් 2020 වනවිට අවසන් කිරීමට සැළසුම්

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම් 2020 වසර වනවිට අවසන් කිරීමට සැළසුම්කර තිබෙනවා. ඒ සදහා වූ ජාතික සැලැස්ම මේ වනවිට සකස්කර අවසන්.

යුද ගැටුම් පැවති සමයේ උතුරු නැගෙනහිර පළාත්වල වළදැමූ බිම්බෝම්බ හා පුද්ගල නාශක බෝම්බ ගොඩගැනීම සිදුකෙරුණේ විශාල පිරිසකගේ ශ්‍රමදායකත්වය ඇතිවයි. එසේ බිම්බෝම්බ ඉවත්කර ආරක්ෂාව තහවුරුකළ ප්‍රදේශයන්හි ජනතාව යළි පදිංචිකරවීමට රජය කටයුතු කළා. උතුරේ තවත් වර්ග කිලෝමීටර් 27 ක භූමි භාගයක බිම්බෝම්බ ඉවත් කිරීමට ඇති බව බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත සංවිධාන පවසනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සාමාජිකයින් මෙම කාර්යයට උරදී සිටිනවා. බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාතික සැලැස්ම පසුගියදා එළිදැක්වුණා.

(බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනින් අපට පුලුවන් නැවත පදිංචිකිරීම් මෙන්ම කෘෂිකර්මාන්තයට යොදාගත හැකි ඉඩම් ඒ සදහා යොදාගන්න. 2020 වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රාජ්‍යයක් බවට පත් කිරීම අපේ අරමුණයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට අපට ජපානය, ඇමෙරිකාව, කැනඩාව , ජර්මනිය , එංගලන්තය , නෝර්වේ හා ඕස්ට්‍රේලියාව යන රටවල් සහාය ලබාදෙනවා. ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමයි අපේ අරමුණ.)

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්