fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරිම වෙනුවෙන් ත‍්‍රිපිටකාභිවන්දනා සතියක්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 15:18

ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරිම වෙනුවෙන් ත‍්‍රිපිටකාභිවන්දනා සතියක්

මේ මස 16 වනදා සිට 23 වනදා දක්වා ත‍්‍රිපිටකාභිවන්දනා සතියක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ යෝජනාවකට අනුව ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරිම වෙනුවෙන් මෙම සතිය ක‍්‍රියාත්මක බවයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේ. දිවයින පුරා විශේෂ ආගමික වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

මෙම සතිය තුළ රාජ්‍ය, පෞද්ගලික ආයතන , නිවාස සහ රථවාහන , මාර්ගවල බෞද්ධ කොඩි ප‍්‍රදර්ශනය කරන ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා. මාර්තු 23 වනදා ත‍්‍රිපිටකාභිවන්දනා සමාප්ති උත්සවය මහනුවර ශ‍්‍රී දලදා මාලිගය අභියස පැවැත්වීමයි සැලසුම.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 15:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්