දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කෙසේ වෙතත්, රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.
ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.පුත්තලම සිට මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ. මෙම මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 10-20 පමණ වේ.