fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය අගමැතිගෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 11:23

ඉන්දීය අගමැතිගෙන් ඉල්ලීමක්

ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය ඉහල නැංවීම සඳහා දායකත්වය ලබාදෙන්නැයි අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුම හරහා ඉල්ලීමක් කරතිබෙනවා.

ලොව වඩාත් ජනප‍්‍රියත්වයට පත් ට්විටර් ගිණුමක් ලෙසයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ ට්විටර් ගිණුම සැලකෙන්නේ. ඔහු මෙම ඉල්ලීම බොලිවුඩ් සුපිරි තරු, ක‍්‍රිකට් කී‍්‍රඩකයන් , මාධ්‍ය ප‍්‍රධානීන් , ප‍්‍රබල දේශපාලනඥයන් ඇතුලු සියලුදෙනාගේ ට්විටර් ගිණුම් සමග ද හුවමාරු කරගෙන ඇති බව ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළා. නරේන්ද්‍ර මෝදි සහ ඉන්දිය බී ජේ පී පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයන් මැතිවරණ ජයග‍්‍රහණය සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීම අවස්ථා ගණනාවකදී සිදුකර තිබෙනවා. ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණය ලෙසයි ඉන්දීය මහමැතිවරණය වාර්තා වන්නේ. මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා මිලියන නවසියයක් පිරිසක් සුදුසුකම් ලබා සිටිනවා. මැතිවරණය පැවැත්වෙන්නේ අපේ‍්‍රල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්