ඇමරිකාවේ ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙන ෆ්රෑන්ක් කාලි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. නාදුනන තුවක්කු කරුවන් පිරිසක් නිව්යෝර්ක් හිදී වෙඩි තැබිම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
53 හැවිරිදි පාතාල කල්ලි නායකයා 1985 සිට ඝාතන , මංකොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර තිබෙනවා. රටවල් කිහිපයකින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ද නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. 1992 වසරේදී පුද්ගලයන් 13 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වුණා.