ඉඩම් ඔප්පු ලබාදීමේ එක්දින සේවාව ලබන සෙනසුරාදා සිට ආරම්භ වනවා. ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් කළ උප්පැන්න සහතික නිකුත් කිරීම ද ඊට සමගාමීව ආරම්භ කෙරෙන බවයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදි එම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා ප්‍රකාශ කළේ.
වසර 155 ක් පැරණි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් නවීකරණයටයි සැලසුම් කර තිබෙන්නේ. මහජනතාවට සපයන සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ නිවැරදිව ලබාදීමයි එහි අරමුණ.