fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හලාවත – කොළඹ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:04

හලාවත – කොළඹ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

හලාවත – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පම්බල ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අද(14) පෙරවරුවේ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හලාවත සිට කොළඹ දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනා වෑන් රථයක් පසුකරයාමට උත්සාහ දැරීමේදී වෑන් රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

වෑන් රථයේ පිටුපස ගැටීමෙන් මාර්ගයට පෙරළී ගිය තරුණයන් දෙදෙනා හලාවත දෙසට ගමන් කරමින් තිබූ බස් රථයකට යටව ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. බස් රථයේ සහ වෑන් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්