fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හතරවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 09:41

හතරවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති හතරවන එක්දින තරගය කඩුලු 06 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

පෝට් එලිසබත්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන්ට යලිත් සාර්ථක වීමට හැකිවූයේ නැහැ. ලකුණු 97 ක් ලෙස මුළු ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී ඉනිමේ පළමු කඩුලු 07 බිද වැටුණා. අනතුරුව සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ඉසුරු උදාන මංගල අර්ධ ශතකය සමගින් ලකුණු 78 ක් ඉනිමට එක්කළා. කෙසේ වෙතත් පන්දුවාර 39 යි පන්දු 2 ක් අවසානයේ සියළුදෙනා දැවී ලබාගත හැකිවුනේ ලකුණු 189 ක් පමණයි. අවසන් එක්දින තරග 07 දීම ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට හැකිවූයේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණූ අප්‍රිකා කණ්ඩායමට යලිත් සාර්ථක ආරම්භයක් ලබාදුන් ක්වින්ටන් ඩි කොක් ලකුණු 51 ක් ඉනිමට එක්කළා. එතැන් සිට වගකීමෙන් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා පිතිකරුවන් පන්දුවාර 32 යි පන්දු 05 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 190 ක් ලබාගනිමින් පහසුවෙන් ජයග්‍රහණය වාර්තා කළා. ධනංජය ද සිල්වා කඩුලු 03 ක් දවා ගත්තා. කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ඉසුරු උදානයි.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 09:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්