fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදාත් විවෘතයි

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 09:12

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදාත් විවෘතයි

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේත් විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මතයි.

පළමු අදියර ක‍්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙන්. ඒ අනූව මින් ඉදිරියට සෙනසුරාදා දිනවලදී ද රියදුරු බලපත‍්‍ර සේවා එම කාර්යාලයෙන් ලබාගැනිමේ අවස්ථාව උදාවන බවයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරන්නේ.

රියදුරු බලපත‍්‍ර අළුත්කර ගැනීම, නව බලපත‍්‍ර නිකුත් කිරිම සහ ඉල්ලුම්පත් භාර ගැනීම ද සිදුකෙරෙනවා. බලපත‍්‍ර පරික්ෂණ සේවාව ද සෙනසුරාදා දිනයේදී ලබාගත හැකියි. ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප‍්‍රධාන කාර්යාලය ද ඊට සමගාමිව සෙනසුරාදා දිනවල විවෘතව තැබෙනවා. 23 වෙනි සෙනසුරාදා සිට මෙම සෙනසුරාදා දින සේවාව ගම්පහ සහ කුරුණෑගල ප‍්‍රාදේශ්‍රීය කාර්යාලවලද ක‍්‍රියාත්මක කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.දෛනිකව ඇති වන තදබදය වළක්වා ගැනීම මෙහි අරමුණයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්