fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවන ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද සිට ක‍්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 08:59

දෙවන ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද සිට ක‍්‍රියාත්මකයි

මහාපරිමානයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කෙරෙන දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද විවෘත කෙරුණා.

අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියයි දෙවන ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විවෘත කළේ. මෙම අධිකරණය සදහා විනිසුරුවරුන් 03 දෙනෙකු පත් කිරීමට අගවිනිසුරුවරයා ක්‍රියා කළා. ඒ අනුව දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස සේවය කරන ආර්.ගුරුසිංහ , අමල්  රණරාජා සහ   ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවරුන් මෙසේ පත් කර තිබෙනවා. මහා පරිමාන මුදල් වංචා සහ දූෂණ නඩු විසදීම කඩිනම් කිරීම සදහා විශේෂ මහාධිකරණ 03ක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. ඒ අනුව අධිකරණ විධිවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය කටයුතු කළා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්