fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වේගවත් සංවර්ධනය කඩාකප්පල් කිරීමට ගෙන යන කුමන්ත්‍රණ පරාජය කරනවා

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 17:25

වේගවත් සංවර්ධනය කඩාකප්පල් කිරීමට ගෙන යන කුමන්ත්‍රණ පරාජය කරනවා

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය රට තුළ ක්‍රියාත්මක කරන වේගවත් සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැමුන් ගෙන යන කුමන්ත්‍රණ පරාජය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පුත්තලම තලවිල ශාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ නේවාසික ධර්ම විවේක මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදලයි මෙම ධර්ම විවේක මධ්‍යස්ථානය ඉදිකරන්නේ. ඒ සදහා රුපියල් ලක්‍ෂ 500 ක් වැය කෙරෙනවා. මීට සමගාමීව ප්‍රදේශයේ පවුල් 175 කට රුපියල් ලක්‍ෂ 87 ක් වටිනා නිවාස ණය හා තවත් ආධාර පිරිනැමීම සිදුකෙරුණා. රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්