fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංවිධානාත්මක අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 17:18

සංවිධානාත්මක අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි බව කියන සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගැනුණා. ඔහු මාකදුරේ මදූෂ් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රාන් යන අයගේ ගෝලයකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.

මොහොමඩ් සාම්මූර් ෂියාම් හෙවත් ජී බුම්මා නමැති මොහු කංජිපානි ඉම්රාන් නමැත්තාගේ අපරාධවලට සම්බන්ධ වූ ප්‍රධානම පුද්ගලයා බව ද හෙළිවී තිබෙනවා. ආශා ෆාරි හෙවත් කුඩු චූටි නමැත්තිය ඝාතනයට තැත්කිරීමේ සිද්ධිය ඇතුලු මනුෂ්‍ය ඝාතන රැසකට මොහු සම්බන්ධ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාකශකවරයා සදහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්