ඉන්දීය ගුවන් නියමු අභිනන්දන් වර්දමන්ගේ ඡායාරූප සහිත දැන්වීම් ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත්කරන්නැයි එරට මැතිවරණ කොමිසම දැනුම්දී තිබෙනවා. අනුමත කළ නොහැකි දැන්වීම් දෙකක් සමාජ ජාල ඔස්සේ සංසරණයවීමයි ඊට හේතුව. අපේ‍්‍රල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුවයි මැතිවරණ කොමිසම මෙම ඉල්ලීම කර තිබෙන්නේ.