fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානය ඉන්දිය චිත‍්‍රපට ප‍්‍රතික්ෂේප කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 12:02

පාකිස්ථානය ඉන්දිය චිත‍්‍රපට ප‍්‍රතික්ෂේප කරයි

පාකිස්ථාන සිනමා ශාලාවල ඉන්දීය චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරිම තහනම් කර තිබෙනවා. දෙරට අතර පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප‍්‍රකාශකළේ.

බොහෝදුරට එය තාවකාලික තීරණයක් විය හැකි බව ද එම වාර්තාවල දැක්වෙනවා. පාකිස්ථාන සටන්කාමීන් ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් කාශ්මීර දේශසීමාවේදී ප‍්‍රහාරයක් එල්ල කළා. ඉන්පසුව ඉන්දියාව පාකිස්ථාන ත‍්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කිරිම සහ පාකිස්ථානය ඉන්දිය ජෙට් යානා දෙකක් බිමහෙළීමත් සමගයි අර්බුදය උත්සන්න වුණේ.

එහි තවත් ප‍්‍රතිඑලයක් ලෙස පාකිස්ථානය ඉන්දිය චිත‍්‍රපට ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දීය ටෙලි නාට්‍යය, චිත‍්‍රපට හෝ වාර්තාමය වැඩසටහන් පාකිස්ථාන රූපවාහිනි ඔස්සේ විකාශය කිරිම වැලැක්වීමට ද සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්