ඇමරිකා තානාපති නිලධාරින්ට රටින් පිටවන ලෙසට වෙනිසියුලා රජය දැනුම් දුන්නා. ඒ සඳහා පැය 72 ක කාලයක් ලබාදී තිබෙනවා.
මේ වනවිට වෙනිසියුලාවේ මතුව පවතින්නේ අර්බුදකාරී වාතාවරණයක්. විපක්ෂයේ උද්ඝෝෂණ ඉහළ යාමත් ඊට හේතුවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
ඇමරිකාව ඇතුලු රටවල් කිහිපයක් විපක්ෂයට සහය පළකර තිබෙනවා. ඒ හේතුවෙන් අර්බුද මතුවිය හැකිබව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ ප්‍රකාශ කළා.