අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඉදිරිපත් කළ බේරක්සිට් යෝජනාව බි්රතාන්ය පාර්ලිමේන්තුවෙන් යළි ප්‍රතික්ෂේප වුණා.
ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 242 ක්. විපක්ෂව ඡන්ද 391 ක් ලැබී තිබෙනවා. ඒ අනුව ඡන්ද 149 කින් දෙවන වරටත් බි්රතාන්ය පාර්ලිමේන්තුවේදී යෝජනාව පරාජයට පත්වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
මීටපෙර ද අග්‍රාමාත්‍යවරියගේ යෝජනාවට බහුතරයක් විරෝධය පළකළා. ඒ අනුව වෙනස්කම් සමඟින් යුරෝපයෙන් ඉවත්වීමේ වැඩපිළිවෙල යළිත් කි‍්‍රයාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
ගිවිසුමට අනුව බි්රතාන්යයට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව තිබෙන්නේ ලබන 29 වෙනිදා. එභෙත් එය කල්දැමීමට සිදුවනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.