බෝයිං 737 වර්ගයේ ගුවන් යානා ගැන ඇමරිකාවෙන් ප්රකාශයක්
Related Articles
බෝයිං 737 වර්ගයේ ගුවන් යානා ලෝකයේ රටවල් කිහිපයක්ම ප්රතික්ෂේප කිරීමත් සමඟ ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් ප්රකාශයක් නිකුත් කර තිබෙනවා.
අනෙක් රටවල් බෝයිං 737 යානා ප්රතික්ෂේප කළද තමන් ඒවා ප්රතික්ෂේප නොකරන බවයි ඇමෙරිකාව සදහන් කරන්නේ. එරට ගුවන් සේවා අධිකාරිය සදහන් කරන්නේ එම ගුවන් යානා වර්ගය තවමත් ආරක්ෂිත ගුවන් යානයක් බවයි. ඉතියෝපියාවේදී පසුගියදා සිදු වූ අනතුර මෙම වර්ගයේ ගුවන් යානා ප්රතික්ෂේප කිරීමට හේතුවක් නොවන බවද ඔවුන් සදහන් කරනවා. යුරෝපය, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක්ම බෝයිං 737 වර්ගයේ යානා පියාසර කිරීම නවතා දැමුවා.