නව ව්‍යාපෘති විසිදහසක් මේ වසරේ ආරම්භ කරන බව අමාත්‍යය දයා ගමගේ මහතා ප්‍රකාශ කළා. ජනතාව සවිබල ගැන්වීමයි මූලික අරමුණ.
වසර තුනක් තුළ ව්‍යාපෘති පනස් දහසක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමටත් ඉන් හැකි වන බව අමාත්‍යවරයා පෙන්වාදුන්නා.
අලුතින් ලක්ෂ අටහමාරකට සමෘද්ධිය ලබාදීමටත් කටයුතු යොදන බවයි දයා ගමගේ මහතා පවසන්නේ.