UPDATE : අයවැය 3 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භ කෙරුණා. ඒ අනුව කොමිෂන් සභා 10 ක් ඇතුලු වැය ශීර්ෂ 22 ක් පිළිබදවයි විවාදය පැවැත්වෙන්නේ. ජනාධිපති, අගමැති මෙන්ම පාර්ලිමේන්තුව පිළිබද වැය ශීර්ෂ ද අද විවාදයට ගැනුණා. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/N4TlyAWTQJA”]
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් ජයගැනීමට රජයට හැකිවුණා. ඊට පක්ෂව හිමි ඡන්ද සංඛ්‍යාව 119 ක්. විපක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි. එක්සත් ජාතික පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගන් තොණ්ඩමන් සහ මුත්තු ශිවලිංගම් යන මහත්වරුන් ද අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නා.
ඊට විපක්ෂව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය පස්වෙනිදා. ඒ අනුව දෙවන වර කියවීමේ විවාදය 6 වෙනිදා සිට ආරම්භ වුණා. ඉන් අනතුරුවයි ඊයේ (12) ඡන්ද විමසීම පැවැත්වුණේ. දරුවන්ගේ ආනගතය ශක්තිමත් කිරීමට අයවැයෙන් මූලික අවධානය යොමුකර ඇති බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වාදුන්නේ. පළමු වතාවට ගොවි ජනතාව වෙනුවෙන් වැඩිම මුදලක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
රාජ්‍ය සේවක වාහන ගෙන්වීමේ බලපත්‍රය මැයි පළමුදා සිට නැවත කි‍්‍රයාත්මක කරන බවයි මංගල සමරවීර මහතා පවසන්නේ.
පාර්ලිමේන්තුව පෙරවරුවේ යළි රැස්වෙනවා. අයවැය කාරක සභා විවාදය අද(13) සිටයි ආරම්භ වන්නේ. එය අප්‍රේල් 5 වෙනිදා තෙක් දින 19 ක් පැවැත්වෙනවා.
ජනාධිපති වැය ශිර්ෂය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, පාර්ලිමේන්තුව ඇතුලු ආයතන පිළිබද විවාදයයි අද (13) සිට ආරම්භ වන්නේ. ඡන්ද විමසීම වෙන් වෙන් වශයෙන් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.