වෙඩි තැබීම් ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකිවුණා.
මොහු කොටහේන ප්‍රදේශයේ දී පසුගියදා කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තැබීම ඇතුළු තවත් වෙඩි තැබීම් ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කරන්නේ. එමෙන්ම කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයෙකු බවද අනාවරණයවී තිබෙනවා. ගම්පොල , ගම්පොලවෙල ප්‍රදේශයේ සැගව සිටියදීයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.