fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 4ක සිර දඬුවම්

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 17:14

අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 4ක සිර දඬුවම්

රුපියල් විසි දහසක අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 4 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතායි නියෝගය නිකුත් කළේ. විත්තිකරුට රුපියල් දස දහසක දඩයක් ද නියම කෙරුණා. අල්ලස් මුදල වන රුපියල් විසිදහස දඬුවම් ගාස්තුවක් ලෙස ගෙවන ලෙසට ද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

2011 ජූනි මස පළමු වෙනිදා නීතිවිරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට නඩු නොපැවරීම වෙනුවෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයා අල්ලස ලබාගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේ.
මේ අතර මාතර ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු රුපියල් 8000 ක අල්ලසක් ලබාගැනීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසලට දරුවෙකු ඇතුලත් කරගැනීම සඳහා දෙමව්පියන්ගෙන් විදුහල්පතිවරයා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. සැකකරු මාතර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්