fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොවීන් හාරලක්‍ෂ හැත්තෑදහසක් සවිබල ගැන්වීමට ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 16:51

ගොවීන් හාරලක්‍ෂ හැත්තෑදහසක් සවිබල ගැන්වීමට ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන

සුලු පරිමාණ ගොවීන් හාරලක්ෂ හැත්තෑදහසක් සවිබල ගන්වමින් කෘෂිකර්මාන්තයේ වර්ධනයට ඇමෙරිකා ඩොලර් මිලියන 125 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ගංවතුර හා නායයාම් ආදී ස්වභාවික ව්‍යවසනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින රටක් බවයි ලෝක බැංකුව පවසන්නේ.

එවැනි තත්ත්වයක් තුළ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනයට ජනතාවගෙන් 27% ක් දායකත්වය ලබාදෙන බවද ලෝක බැංකුව පෙන්වා දෙනවා. එහිදී වැඩි දායකත්වය ලබාදෙන්නේ කාන්තාවන්. මේ පිළිබද අවදානය යොමු කරමින් සුලු පරිමාණ ගොවීන් හාරලක්ෂ හැත්තෑදහසක් කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව හා වර්ධනය සදහා සවිබල ගැන්වීම ලෝක බැංකුවේ අරමුණයි.

ඒ සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 125 ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ජල සම්පාදනයට ප්‍රවේශවීම සහ ජල සම්පත් කළමනාකරණයට ගොවීන්ගේ දායකත්වය ලබාගැනීමද මෙම වැඩසටහනේ අරමුණක්.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 16:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්