කොස්ලන්ද කොටබත්ම රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 10 ක පමණ ප්රදේශයක් විනාශවී තිබෙනවා.
ඖෂධීය ශාක ඇතුලු වටිනා ගස් ද විනාශවී ඇති බවයි කොස්ලන්ද පොලීසිය පවසන්නේ. රක්ෂිතයට අද දහවල් කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.
කොස්ලන්ද පොලීසිය දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළා.