මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීම සහ එහි පළමු ලාංඡනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද සිදු කෙරුණේ ජනාධිපති නිල නිවසේදී. මාතර දිසාබාලදක්ෂ සංගමයේ උපදේශක, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ජනාධිපතිතුමා වෙත ලාංඡනය පැළදවීම සිදු කළා. සියවස් සමරු ජම්බෝරිය මෙම වසරේ මැයි මස පළමුවෙනි දින සිට මැයි මස 5 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ නිමිත්තෙන් එළිදැක්වුණු වෙබ් අඩවියද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. මාතර දිසාබාලදක්ෂ කොමසාරිස්වරයා ඇතුළු සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.