පුල්වාමා ත්රස්ත ප්රහාරයේ ප්රධාන සැලසුම්කරු වන මුඩාසීර් අහමඩ් ඝාතනය කළ බව ඉන්දීය හමුදාව ප්රකාශකළා.
ඒකාබද්ධ මෙහෙයුමකින් පුල්වාමා ප්රදේශයේදී ඔහු ඝාතනය කළ බවට ඉන්දීය හමුදාව තහවුරු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
පසුගිය පෙබරවාරි 14 වනදා සිට මේ දක්වා ඉන්දීය හමුදාව මෙහෙයුම් ක්රියාත්මක කර තිබෙනවා. පුල්වාමා ප්රහාරයෙන් පසු ඉන්දිය හමුදාව දේශසීමා ආශ්රිතව ආරක්ෂාව වැඩිකර ඇති බවයි විදෙස් ප්රවෘත්ති සේවා සදහන් කළේ.