දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගැනිමේ සිද්ධියට චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව අප්‍රේල් මස 24වන දින විභාගයට ගැනිමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
අද දින මෙම නඩුව මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැදවු අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනි සිටියේ නැහැ. ඇය අද දින පාර්ලිමේන්තු අයවැය විවාදයට සහභාගිවන බව සනාථ කිරිමට පාර්ලිමේන්තු මහලේකම්වරයා නිකුත් කළ ලිපියක් විත්ති පාර්ශවයේ නිතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළා. මෙම නඩුව කඩිනමින් විභාග කිරිමට ඇති අවශ්‍යතාව මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළා. මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත්දෙනෙකු වරද පිලිගැනිමෙන් පසු ඔවුන්ට අත්හිටවූ සිරදඩුවම් සහ වන්දි මුදල් ගෙවිමට නියම කෙරුණා.