fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19න් පහළ රග්බි තරගාවලියේ ජය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 11:35

19න් පහළ රග්බි තරගාවලියේ ජය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධාන කරන අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ කටුගස්තොට ශාන්ත අන්තනිස් විද්‍යාලය සමග පැවති තරගයෙන් ජයලබා ගැනිමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත් වුනා.

මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට  කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 17ක් ලබා ගත්තා. ඊට උත්සාහක දිනුම් 02ක් සහ දඩුවම් පහරක් ඇතුලත්. එම අර්ධයේදී කටුගස්තොට ශාන්ත අන්තනිස් විද්‍යාලයීය කණ්ඩායමට ලකුණු ලබා ගැනිමට දැඩි ආක්‍රමණශිලි තරග රටාවක් පෙන්නුම් කළ ශාන්ත ජෝශප් විද්‍යාලයීය ක්‍රිඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. තරගයේ අවසන් අර්ධයේදී කටුගස්තොට ශාන්ත ජෝශප් විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ උත්සාහක දිනුම් 03ක් ද සමගින් ලකුණු 38ක් ලබා ගැනිමට සමත් වුණා. එහිදි කටුගස්තොට ශාන්ත අන්තනිස් විද්‍යාලයට ලබා ගත හැකි වුණේ ලකුනු 05ක් පමණයි.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 11:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්