බුද්ධිමතුන් රටට බරක් නොවී සමාජය යහමගට ගැනීමට සඳහා පූර්වා දර්ශයක් ලබා දෙන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන්වහන්සේ පවසනවා.
පූජ්‍ය සන්සුන්ගම ඥාණරතන ස්වාමීන්වහන්සේ රචනා කළ පොඩි හාමුදුරුවන්ගේ රස කතා ළමා ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය වරකාගොඩ ඥාණරතන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. තාක්ෂණය සීඝ්රයෙන් ව්‍යාප්ත වීමෙන් පසුව පොත පත පරිශීලනය අවම වී ඇති බවයි ඥාණරතන ස්වාමීන්වහන්සේ පෙන්වා දුන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/cxsJKE7w2WE”]