වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කලුතර බණ්ඩාරගම ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. ඒ රාජිත සේනාරත්න හා රවී කරුණානායක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.
බණ්ඩාරගම උයන්වත්ත ප්‍රදේශයේ නවීන පහසුකම් සහිතව මෙම කර්මාන්ත ශාලාව ඉදිකෙරෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 10ක්. එක්සත් රාජධානියේ ෆ්ලෙක්සිකෙයා ලංකා සමාගමේ මැදිහත්වීමෙනුයි මෙම කර්මාන්ත ශාලාව ඉදිකෙරෙන්නේ. වෛද්‍ය උපකරණ සැලසුම් කිරීම හා නිෂ්පාදනය සම්බන්ධයෙන් වසර 30 කට අධික අත්දැකීම් මෙම සමාගම සතුයි. මේ තුළින් සේවකයින් 600 දෙනෙකුට පමණ සෘජු රැකියා අවස්ථා උදාවනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/TKsfAJBJXh0″]