fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද රාජපක්ෂ ඇතුළු 49 කට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 11:19

මහින්ද රාජපක්ෂ ඇතුළු 49 කට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරය, කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් පසුගිය කාලයේ ගොණු කළ රීට් පෙත්සම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පෙත්සම්කරුවන් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

මෙම රීට් පෙත්සමෙන් ඇති සහන මේ වන විට ලැබී ඇති බැවින් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. මහින්ද රාජපක්ස මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධුරවල කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය දෙසැම්බර් මස 03 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මේ අතර එම නියෝගය අභියෝගයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු ගොණුකළ අභියාචන පෙත්සමද ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා.  මෙම පෙත්සම ගොනුකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා, දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ  , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසිනුයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්