කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බහුදින ධීවර යාත්‍රා සඳහා නිවේදනයක් නිකුත් කළා.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය මඳ වශයෙන් රළු වීමේ හැකියාවක් පවතිනවා. අරාබි මුහුදේ සුළගේ වේගය පැයට කිලෝ මීටර් 40 දක්වා ඉහළ යන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දකුණු ඉන්දිය සාගර කලාපය ද විටින් විට රළු විය හැකි බවයි නිවේදනයෙන් දක්වා තිබෙන්නේ.