fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු Online පරික්ෂණය සාර්ථක බව විභාග දෙපාර්තමේන්තුව කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 09:16

පළමු Online පරික්ෂණය සාර්ථක බව විභාග දෙපාර්තමේන්තුව කියයි

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ඔන්ලයින් ක‍්‍රමයට පැවැත්විමේ පෙරහුරු පරික්ෂණය සාර්ථක බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප‍්‍රකාශ කළා.

මධ්‍යස්ථාන 655කදී අන්තර්ජාලය ඔස්සේ එය පැවැත්වුණා. විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වරටයි ඔන්ලයින් ක්‍රමයට විභාගය පැවැත්විමට පියවර ගෙන තිබෙන්නේ.

පෙනී සිටි අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව දහඅට දහසක්. මධ්‍යස්ථාන 15කදී පමණක් විදුලිය බිඳ වැටීමේ ගැටළු මතු වූ බවයි සනත් පූජිත මහතා පවසන්නේ. නියමිත විභාගය මැයි මස මුලදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්