fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති සුහද ක්‍රිකට් තරගයේ ජය ශාන්ක අන්තෝනි විදුහලට

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 08:15

ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති  සුහද ක්‍රිකට් තරගයේ ජය ශාන්ක අන්තෝනි විදුහලට

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති 102 වන වාර්ශික සුහද ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට මහනුවර ශාන්ක අන්තෝනි විදුහල සමත්වුණා.

ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එම විදුහල් කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 298 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ත්‍රිත්ව විදුහල් කණ්ඩායමට සියළුදෙනා දැවී ලබාගත හැකිවුනේ ලකුණු 173 ක් පමණයි. ලකුණු 125 ක් පසුපසින් සිටිමින් ඉනිමක පරාජයෙන් බේරීම සදහා ත්‍රිත්ව විදුහල් කණ්ඩායම යලිත් පිටියට පිවිසියා. එහෙත් වර්ශාව හේතුවෙන් ඔවුන්ට එම ඉනිම ක්‍රීඩා කිරීමට හැකිවූයේ නැහැ. තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය විදුහල්පත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 08:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්