fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

157 කට මරු කැදවු ඉතියෝපියා යානයේ කලු පෙට්ටිය සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 18:11

157 කට මරු කැදවු ඉතියෝපියා යානයේ කලු පෙට්ටිය සොයා ගැනේ

ඉතියෝපියා ගුවන් සීමාවේදී කඩා වැටීමට ලක් වූ  බෝයිං 737 මැක්ස් 08 වර්ගයේ ගුවන් යානයේ කලු පෙට්ටිය සොයා ගැනුණා. ඒ සමඟ යානය කඩා වැටීමට හේතුව සොයාගැනීමට හැකිවනු ඇති බවයි පර්යේෂණ කණ්ඩායම් සදහන් කරන්නේ.

ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන්තොටුපොළේ සිට කෙන්යාවේ නයිරෝබි දක්වා ගමන් කළ මෙම ගුවන් යානය කඩා වැටීමට ලක් වුණේ ඉතියෝපියාවේ බිෂෝප්ටූ නගරයට ආසන්නයේදීයී. එම අවස්ථාවේ යානය තුළ මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය අට දෙනෙකු සිට ඇති  අතර එම සියලු දෙනාම ජීවිතක්ෂවය පත් වුණා. කලු පෙට්ටිය යානය අනතුරට පත් වූ ස්ථානයේ තිබී හමු වූ බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ඉතියෝපියාවේ අබබා ගුවන්තොටුපලෙන් යානය පිටත්ව විනාඩි 06 කට පසුව කඩා වැටීමට ලක් වුණා.

මේ අතර මෙම අනතුරත් සමඟ චීනය බෝයිං 737 මැක්ස් 08  වර්ගයට අයත් ගුවන් යානා තහනම් කර තිබෙනවා. මෙම වර්ගයට අයත් ගුවන් යානා අනූවකට අධික සංඛ්‍යාවක් චිනය භාවිතා කරනවා. බෝයිං සමාගමේ ගුවන් යානාවල තාක්ෂණය පිළිබද ගැටලු ඇතිව තිබෙන බවයි සදහන් වන්නේ. පසුගිය ඔක්තෝබර් මාසයේද  ඉන්දුනීසියාවේ දී මෙම වර්ගයට අයත් ගුවන් යානා අනතුරක් සිදු වුණා. එම අනතුර සිදු වී මාස පහක කාලසිමාවක් තුළ කඩා වැටීමට ලක් වූ දෙවන බෝයිං ගුවන් යානය මෙයයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෝයිං සමාගමද කණගාටුව පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පූර්ණ තාක්ෂණික විශ්ලේෂණයක් සිදු කරන බවද ඔවුන් ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්