fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරල්පර ආරක්ෂා කරන්න විදෙස් රටක සිට ආ අපූරු මිනිසෙක්

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 16:34

කොරල්පර ආරක්ෂා කරන්න විදෙස් රටක සිට ආ අපූරු මිනිසෙක්

ස්වභාව ධර්මයේ චමත්කාරජනක නිර්මාණයක් ලෙස කොරල් පර හැදින්විය හැකියි. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද මේ කෙරෙහි වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් ස්වභාවික උවදුරු සහ අපේම රටේ ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් නිසා මේ අපූරු නිර්මාණයට හානි සිදුවෙනවා. මෙවැනි තත්ත්වයක් මත මෙරට කොරල්පර ආරක්ෂා කරන්නට විදෙස් රටක සිට ආ අපූරු මිනිසෙකුගේ උත්සාහ ඵල දැරීම පිළිබදවයි අපි දැන් ඔබට කියන්නේ.

ජර්මන් ජාතිකයකු වන රෙයිනර් නෙඩ්වඩ් මහතා විශ්‍රමලත් ගුරුවරයෙක්. ඔහුගේ වයස අවුරුදු 75 ක්. ඈත දේශයක සිට මෙරටට පැමිණියත් හික්කඩුව ප්‍රදේශයේ කොරල් උද්‍යානයේ සුන්දරත්වයට ඔහු පුදුමාකාර විදියට ආදරය කළා. ඒ නිසාම රේයිනර් මහතා අවුරුදු 25 ක කාලයක් තිස්සේ මේ කොරල් උද්‍යානය ආරක්ෂා කර ගන්න කටයුතු කරනවා.  ස්වභාවික උවදුරුවලින් කොරල්පර වලට සිදු වන හානිය දුටු ඔහු  මීට පිලියමක් හෙව්වා. කොරල් වගා කරන්නට ඔහු තීරණය කරන්නේ එය කරන්න බැහැ කියලා බොහෝ පිරිසක්  පවසද්දි කැඩී   බිදී මුහුදු රැල්ලට පාවී ආ කොරල් කොටස් වගේම මුහුද කිමිදී සොයාගත් කැඩී ගිය කොරල් කොටස් මුහුදු පතුලේ තැම්පත් කර වසර 07 ක කාලයක් තිස්සේ රැකබලා ගනිමින් වැඩෙන්නට සැලැස්වීමට තරම් උත්සාහයක් රෙයිනර් නෙඩ්වඩ් කියන මේ ආගන්තුක මිනිසාට තිබුණා. පර්චස් 30 ක ප්‍රදේශයක ඔහු කොරල් හෙවත් ගල්මල් වගා කළා.ඒ විතරක් නෙවෙයි ඒවා ආරක්ෂා කර ගැනීම පිළිබද දැනුවත් කරන පුවරු සිංහල, ඉංග්‍රීසි, චීන, සහ ජර්මන් ආදී භාෂාවලින් කොරල් පත මත   තැම්පත් කරන්නටද ඔහු අමතරක කළේ නැහැ. මේ ධෛර්වන්ත මිනිසාගේ උත්සාහය සාර්ථක කරමින් එම කොරල් පර බොහොම සරුවට වැඩී තිබෙන අයුරු මේ වන විට දකින්නට පුළුවන්. තමන් ස්වභාවධර්මයේ නිර්මානයක් බව අවබෝධ කරගත්ත මිනිස්සු දේශ භේදයකින් තොරව ස්වභාවධර්මයට ආදරය කරන බව රේයිනර් නෙඩ්වඩ් නැමැති මිනිසා අපට කියා දෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 16:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්