මොරටුව රාවතාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 150 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය අද(11) පස්වරුවේ සිදුකළ විශේෂ වැටලීමකින්.
නිවසක සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වනවිට එම ස්ථානයට පිටත් කර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.