fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝට්ටේ මහසටන ජයපරාජයෙන් තොරව අවසන්

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 12:15

කෝට්ටේ මහසටන ජයපරාජයෙන් තොරව අවසන්

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය අතර 42 වන වරට පැවති කෝට්ටේ මහසටන ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව  අවසන් වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු  කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය කණ්ඩායම පලමුව පන්දු රැකිමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිම සදහා  සියලු දෙනා දැවි ලකුණු 143ක් ලබා ගත්තා. තරිදු ගිම්හාන ලකුණු 31කයි. පන්දු යැවිමේදී ලිසුක දිනසර ලකුණු 25කදී කඩුලු 02ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 176ක් වාර්තා කළා. දෙවන ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 114ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 12:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්