fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොයිං ජෙට් යානා තාවකාලිකව නතර කිරීමට චීන රජයෙන් තීරණයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 12:20

බොයිං ජෙට් යානා තාවකාලිකව නතර කිරීමට චීන රජයෙන් තීරණයක්

බොයිං 737 වර්ගයේ නවතම ගුවන් යානා තාවකාලිකව නතර කිරීමට චීන රජය තීරණය කළා.

ඒ සඳහා චීන ගුවන් සේවා බලධාරීන් දේශිය ගුවන් සමාගම් වලට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. ඉතියෝපියා ගුවන් සේවයට අයත් මඟී ගුවන් යානයක් කඩාවැටීමේ සිද්ධියෙන් පසු චීනය මෙම තීරණය ගෙන තිබෙනවා. බොයිං 737 වර්ගයේ නවතම කාණ්ඩයට අයත් ගුවන් යානයක් පසුගිය මාස පහ ඇතුලත කඩාවැටුණු දෙවන අවස්ථාවයි මෙය.

චීන ගුවන් සමාගම්වල මෙම වර්ගයට අයත් ගුවන් යානා 90 කට වැඩි ගණනක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්