fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාමිණී සෙනරත් ඇතුළු 4 දෙනා නඩුවෙන් නිදහස් වෙයිද ? නියෝගය ලබන 27

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 01:45

ගාමිණී සෙනරත් ඇතුළු 4 දෙනා නඩුවෙන් නිදහස් වෙයිද ? නියෝගය ලබන 27

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු හතර දෙනෙකු සම්බන්ධ නඩුවෙන්  ඔවුන් නිදහස් කරන ලෙස සිදුකළ ඉල්ලීම පිළිබද නියෝගය ලබන 27 වනදා ප්‍රකාශයට පත් කිරිමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද දින නියම කළා.

සම්පත් අබේකෝන්,සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි නඩුව කැදවනු ලැබුවේ. ලිට්රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ස් සමාගමට ලබාදුන් රුපියල් මිලියන පන්සීයක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබෙනවා. ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ  නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව නීතිපතිවරයායි මෙම නඩුව ගොනු කර තිබෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 01:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්