ඇල්ජීරියා ජනාධිපති අබ්දෙලාසිස් බොට්ෆ්ලිකාට එරෙහිව එරට ජනතාව විරෝධතාවක නිරත වනවා.
වසර 20 ක් ඇල්ජීරියාව පාලනය කළ ජනාධිපතිවරයාට එම තනතුරෙන් ඉවත් වන ලෙසයි ඔවුන්ගේ ඉල්ලීම වන්නේ. එරට රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ද මෙම විරෝධතාවට එක්ව සිටිනවා. ඇල්ජීරියාවේ සාප්පු සංකීර්ණ වසා තිබෙන අතර දුම්රිය වර්ජනයක් ද සිදු කර තිබෙනවා. ඇල්ජීරියානුවන් දහස් ගණනක් ප්‍රංශ අගනුවර දී මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් පැවැත්වූවා. මෙම වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වෙන මැතිවරණයට තමන් ඉදිරිපත් වන බවට අබ්දෙලාසිස් බොට්ෆ්ලිකා ප්‍රකාශ කිරීමත් සමගයි මෙම තත්ත්වය තවත් උග්‍ර අතට පත් වුණේ.