fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තාවන් පමණක් රැගත් ෂටලය අභ්‍යාවකාශගත කිරීම ලබන 29 වෙනිදා

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 11:07

කාන්තාවන් පමණක් රැගත් ෂටලය අභ්‍යාවකාශගත කිරීම ලබන 29 වෙනිදා

ලොව පළමු වරට කාන්තාවන් පමණක් රැගත් ෂටලය ලබන 29 වෙනිදා අභ්‍යාවකාශගත කිරිමට නාසා ආයතනය සැලසුම් කළා.

නාසා ආයතනය ආරම්භ කළ කාන්තාවන් අභ්‍යාවකාශගත කිරීමේ වැඩසටහනේ තවත් සුවිශේෂී අදියරක් ලෙසයි එය සැලකෙන්නේ. මෙම චාරිකාවට එක්වන්නේ කි‍්‍රස්ටිනා හැමොක් සහ ඈන් මැක්ලේන්. ඔවුන් දෙදෙනා තෝරාගෙන ඇත්තේ අයදුම්පත් 6100 කින් බව නාසා ආයතනය පවසනවා.

අවසන් වරට නාසා ආයතනය කාන්තාවක් අභ්‍යාවකාශගත කර ඇත්තේ වසර 36 කට පෙරයි. ඒ සැලි රයිඩ් නැමැති ඇමරිකා ජාතික කාන්තාවයි. පළමු වරට කාන්තාවක් අභ්‍යාවකාශගත වුණේ මීට වසර 35 කට පෙර බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ. නාසා ආයතනය පෙන්වාදෙන පරිදි කාන්තාවන් 60 දෙනෙකු පමණ මේ වනවිට අභ්‍යාවකාශගතව තිබෙනවා. ඉන් වැඩිම පිරිස ඇමරිකා ජාතිකයන්.

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 11:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්